මාලි මවක් දරුවන් 9ක් බිහිකරයි


1 share


මොරොක්කෝ රාජ්‍යයේදී විසිපස් හැවිරිදි භලීමා සිස්සේ නමැති කාන්තාව දරුවන් 9 දෙනකු බිහිකර ඇත.

මින් පස්දෙනකු ගැහැනු දරුවන් වන අතර ඉතිරි හතරදෙනා පිරිමි දරුවෝ වෙති.

මැය මාලි රාජ්‍යයේ කාන්තාවක් බවට මොරොක්කෝ සෞඛ්‍ය බලධාරීන් හෙළිකර ඇත.

මාලි රාජ්‍යයේ පහසුකම් නොමැතිවීම නිසා දරුවන් බිහිකිරීම සඳහා ඇය ගුවන් මගින් මොරොක්කෝ වෙත යැවූ බව මාලි සෞඛ්‍ය ඇමැති ෆැන්ටා සිබී විදෙස් මාධ්‍ය අමතා ප‍්‍රකාශ කර ඇත.

මෙම දරුවන් සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් බිහිකර ඇති අතර මව සහ දරුවන් සුවෙන් පසුවන බව වාර්තා වේ.

කීර්ති වර්ණකුලසූරිය


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
3
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments