ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.
මේ වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝම වෙනුවෙන් කෙරෙන විශේෂ පණිවිඩයක්.
ශ්‍රී ලංකාවේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ සැළැස්ම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.
වාහන ආනයනය 2025 වසරෙන් අවසන් කෙරෙන පරිදි එම සැළැස්ම සකස් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වසරේ තුන්වන කාර්තුවේදී ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය කරන වාහන ආනයනයටත්, හතරවන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන රථවාහන ආනයනය සඳහාත් ආනයන සීමා ලිහිල් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැළසුම් කර තිබෙනවා.