ඔබත් ඔස්ට්‍රේලියාවට යන්න සිහින දකිනවාද? මෙන්න අලුත් වූ Visa කොන්දේසි…

පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා හිමියන්ට එරටට ගොස් ශිෂ්‍ය වීසා සඳහා අයැදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ, ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වාදුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පළමු වරට හඳුන්වා දුන් සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව, ලබන ජූලි මස පළමුවනදා සිට සංචාරක වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා වෙනුවෙන් මෙම නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ , පසුගිය වසරේ ජූලි පළමුවැනිදා සිට මෙම වසරේ මැයි මස අවසානය දක්වා සංචාරක වීසා හිමියන්ගෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් 36,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් ශිෂ්‍ය වීසා ඉල්ලුමට වැඩි වැඩියෙන් යොමුවීම බව ද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මීට අමතරව ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මකවන පරිදි තාවකාලික උපාධි වීසා හිමියන්ටද ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ එළිදැක්වුණු වාර්තාවක සඳහන්කර තිබූ ගැටලුවක් විසඳීමට මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ තාවකාලික උපාධි වීසා බලපත්‍රලාභීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැඩිදුර අධ්‍යාපනය සඳහා නැවත පැමිණෙන අතර, බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝකර ගැනීම බවයි.

තාවකාලික උපාධි වීසා හිමියන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් ඔවුන්ගේ වීසා කාලය අවසන්වන විට ස්ථිර පදිංචිය සොයා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව ද හෙළි වී තිබෙනවා.

උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ කාලය දීර්ඝකර ගැනීම සඳහා වැඩි වශයෙන් ලාභදායී වෘත්තීය පාඨමාලාවල වැඩිදුර අධ්‍යාපනයට නැවත පැමිණෙන බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු රජය එම මාර්ගය අවහිර කරමින් ඔවුන් හරවා යැවීමට කටයුතු කරමින් සිටින අතර, උපාධිධාරීන් තම හැකියාවන්ට අදාළ රැකියා සොයා ස්ථීර පදිංචිකරුවන් විය යුතු බව අවධාරණය කර තිබෙනවා.

එසේ නැතහොත් තාවකාලික පදිංචිකරුවන් නොවී රට හැර යා යුතු බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ.

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *