නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් කාම රැල්ලේ චිත්‍රපට නිළිය තවත් සංවිධානාත්මක කණ්ඩායමක් සමඟ එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු ද හිරු CIA හෙළිකරගත්තා.
වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැටලීමකින් අත්අඩංගුවට ගත් එම කාන්තාව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
දිගු කලක පටන් නිළියන් ඇතුළු කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ නිරත කාම චිත්‍රපටවල රඟ පා ප්‍රසිද්ධියට පත් මෙම නිළිය සහ තවත් කාන්තාවන් 04 දෙනෙකු වලාන දුෂන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නේ හොරණ – ගෝනහේන ප්‍රදේශයේදී.
මෙම පිරිස තවත් සංවිධානාත්මක කල්ලියක් සමග එක්ව ධනවත් ව්‍යාපාරිකයන් අයිස් මත්ද්‍රව්‍යවලට සුක්ෂමව ඇබ්බැහි කර ඔවුන්ගේ මුදල් වංචා සහගතව ලබාගන්නා බවටද හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළිවුණා.
ඒ සදහා ඔවුන් මුදලට මත්පැන් සාද ද පවත්වනු ලබනවා.
මොවුන්ගේ කල්ලියේ තවත් ප්‍රධාන කාන්තාවක් වන්නේ කලින් කලට විවිධ ප්‍රදේශවල පදිචිය වෙනස් කරමින් ජීවත් වන අනුෂා නමින් හදුන්වන මෙම කාන්තාවයි.
අවසන් වරට ජාඇල ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටි මැය මේ වනවිට එම ස්ථානයෙන් ද අතුරුදන්ව සිටිනවා.
මෙම කාන්තාවට රැවටුනු පුද්ගලයෙක් ඇයගේ කල්ලිය විසින් පවත්වන මත්පැන් සාද උගුලකට හසුව ඇති අතර ඔහු මෙලෙස සිය අත්දැකීම් හිරු සී.අයි.ඒ.හමුවේ හෙළි කළා.
මධුවිතෙන් මත්වන ධනවත් ව්‍යාපාරිකයන්ට පෙනෙන ලෙස මොවුන් අයිස් මත්ද්‍රව්‍යද භාවිතා කරමින් ඔවුන්ව ඒ සදහා පොළඹවන බවයි සඳහන් වන්නේ.
මොවුන්ට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව ද තොරතුරුකරු මෙහිදී හෙළි වූ අතර ඒ සඳහා නාකොටික් නිලධාරීන් සම්බන්ධ බවත් ඒ සඳහා එම නිලධාරීන්ට කාන්තාවන් ලබා දෙන බවත් හෙළි වී තිබෙනවා.
මෙම සැකකාරිය වාහන වංචාවක් සිදු කර මේ වනවිට සැඟව සිටින තැනැත්තියක් බවටද හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වෙනවා.
හිරු සී.අයි.ඒ.රැස්කර ගත් තොරතුරු අනුව අදාල කාන්තාව හැදුනුම්පත් අංක 2 කින් තම නමට 2014 දී හා 2018 දී විදෙස් ගමන් බලපත්‍ර 02 ක් ලබාගෙන තිබෙනවා.
මෙරට වගකිව යුතු මාධ්‍යයක් ලෙස හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළ හැක්කේ මොවුන්ගේ මෙම ජාවාරම් පිලිබඳ තොරතුරු හෙළිදරව් කිරීම පමණයි.
මෙම අනාවරණ හමුවේ මෙම කල්ලියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙරට බුද්ධි අංශ ඇතුළු නීතිය කරවන අංශවල වගකීමක්.
එය ඉදිරියේදී හෝ සිදුවන්නේ දැයි හිරු සී.අයි.ඒ.දැඩි අවධානයෙන්.