රජයේ මුද‍්‍රණාලාධිපතිනිය ආතතියෙන්..? ජනාධිපති මැදුරට කැදවා බලපෑම් කරලා…?

රජයේ මුද්‍රණාලාධිපතිය මේ මොහොතේ මැතිවරණ කොමිසමට අනුව කටයුතු කළ යුතුයැයි ජාතික ජනබලවේගයේ පළාත් පාලන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

රජයේ මුද්‍රණාලාධිපතිනිය එසේ කටයුතු නොකරන්නේ නම් නීතියෙන් දඬුවම් හිමිවන වරදක් බව ද හෙතෙම පැවසීය.

මුද්‍රණාලාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳවා කරන ලද බලපෑමක් මත මැතිවරණ කොමිසමෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මුදල් ඉල්ලා ඇති බවද ඔහු පැවසුවේය.

මීට පෙර සිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් ආතතියට ලක් වූ ආකාරයෙන්ම වත්මන් රජයේ මුද්‍රණාලාධිපතිනියද ආතතියට ලක්ව ඇත්දැයි නොදන්නා බවද ඒ මහතා පැවැසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =