අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නිකුත් කළ නිවේදනයක්.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවිතිගල කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවට නිවේදනය කර තිබෙනවා.
රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා මෙම නිවාඩුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ලබාදීම සඳහා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත බලය පවරනු ලබන බවද සඳහන්.
කෙසේ වෙතත් සබරගමුව පළාත් සභාව දැනුම් දෙන්නේ සෙසු සියලුම කලාප සහ කොට්ඨාසවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර බවයි.