මුව ආවරණ නිෂ්පාදනය කරන කම්හලක සේවක සේවිකාවන් 19 කට කොරෝනා




කොවිඞ් වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා මුව ආවරණ නිෂ්පාදනය කරන මිනුවන්ගොඩ, යටියන පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අරුණ රන්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.

එම කර්මාන්ත ශාලාවේ දිවා සහ රාති‍්‍ර වශයෙන් සේවා මුර දෙකකට සේවක සේවිකාවන් 40 දෙනෙකු පමණ සේවය කරන බවත් දිවා කාලයේ සේවය කරන සේවිකාවක් අසනීප තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදුකළ ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂාවේදී එම සේවිකාව ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව දිවා කාලයේ සේවය කළ සේවක සේවිකාවන් 20 දෙනෙකු ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයට යොමු කිරීමෙන් අනතුරුව 19 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගත් බව හෙතෙම පැවසුවේ.

රාති‍්‍ර වැඩමුරයේ සිටි සේවක සේවිකාවන් 20 දෙනාව ඊයේ ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයට යොමු කිරීමට නියමිත බවත් හඳුනාගත් ආසාදිතයන් යටියන සහ ඒ අවට පදිංචිකරුවන් බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අරුණ රන්දෙණිය පැවසුවා.

එම කර්මාන්ත ශාලාවේ හිමිකරුද ආසාදිතයකුවන අතර මුව ආවරණ බෙදාහැරීම නවතා දමා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කටයුතු කර තිබේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments