රට වහාම ලොක්ඩවුන් කල යුතුයි




කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති බවත් එනිසා වහාම රට තුළ සංචරණ සීමා පැනවිය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් විද්වත් සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියා සිටියේ මෙම තත්වයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාරගත යුතු බවයි.

රජය කොරෝනා වෛරසය පාලනය කලා යැයි කීවේ දී PCR පරීක්ෂණ අඩු කිරීමෙන් බවත් දැන් සිදුවෙමින් ඇත්තේ එහි ප්‍රතිඵල බවත් ඒ මහතා කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments