වාහනේ විකුණා ඔක්සිජන් නැති මිනිස්සු 950ක් බේරාගත් ඉන්දියාවේ ඔක්සිජන් මෑන්..!




ඉන්දියාවේ මුම්බායි නුවර Shahnawaz Shaikh නමින් ජිවිත්වන අවුරුදු 32ක තරුණයෙක් තම Ford Endeavour රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 22කට විකුණා ඒ මුදලින් ඔහු oxygen ටැංකි මිලදී ගෙන ඇත ඒ ඉන්දියාවෙ මේ දිනවල විශාල වශයෙන් කොවිඩ් රෝගයෙන් oxygen නොමැතිව මියයන මිනිසුන් වෙනුවෙන් oxygen නොමැති අසරණ රෝගීන් හට oxygen ටැංකි බෙදාදීම මෙම තරුණයාගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

Shahnawaz සහ ඔහුගේ මිතුරන් එක්ව 4000කට අධික රෝගීන් පිරිසකට උදව් කර තිබෙනවා.

මෙම උතුම් ක්‍රියාවට ඔහුට සිත යොමුවී ඇත්තේ, මාස 6 ක ගැබිනියක්ව සිටි ඔහුගේ මිතුරාගේ බිරිඳ රෝහල් 5 කින් හරවා යවා තිබුනේ oxygen නොමැතිවීම නිසා, ඒ හේතුවෙන් ඔහු ඉදිරිපිටදී මිය ගියේ ත්‍රීරෝද රථයක් තුලය.

එයින් අතිශය කම්පාවට පත් ඔහු තම මෝටර් රථය විකුණා ඒ මුදලින් oxygen ටැංකි මිලට ගෙන oxygen ලබා ගැනීමට නොහැකි රෝගීන්ට එවා බෙදා හරිමින් සිටි.

ඉන්දියාවේ ඔහුව දැන් “Oxygen Man” යනුවෙන් හඳුන්වන අතර ඔහු විසින් දැනට oxygen නොමැතිව මිය යමින් සිටි බේරාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 950 කි. ඒ සියලුදෙනාම රෝහල් වලින් oxygen නොමැතිව හරවා යැවු මිනිස්සුන් බව සඳහන්.

ඊට අමතරව ඔහු ආහාර පැකට් සහ වතුර බෝතල් බෙදා හැරියා මේ සියල්ල Shahnawaz කළේ ඔහුගේ පෞද්ගලික ඉතිරිකිරීම් වලින්.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments