දිනක් තුල මෙරට හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ, 997ක්




දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා.

එම සංඛ්‍යාව 997ක් වන අතර මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 976 දෙනෙකු වාර්තා වී තිබුනේ ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදායි.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,271ක් වන අතර ඉන් 94,577 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,050ක් වනවා.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 647ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments