කොවිඩ් හැදිලද අපිම බලාගන්නේ මෙහෙමයි




මේ මොහොත වනවිට රට අ වදානම් තත්වයක පවතින බවත්,මේ වනවිට වෛරසය වෙනස්වීම්වලට ලක්වෙමින් භ යා න ක තත්වයකට පත්ව ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටිනවා.අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්බන්ධ වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙතෙක් කල් වෛරසය බැරෑරුම් වී තිබුණේ ඉතා දුර බැහැර රටවල බවත්,මේ වනවිට අපිට ආසන්නතම ඉන්දියාවේ වීම පිළිබඳව රටක් වශයෙන් අපි වඩාත් සැලකිළිමත් වියයුතු බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඇතැම් විට නව වෛරසය කොරෝනා එන්නතට පවා අභියෝග කරන මට්ටමේ පවතින බවත්,පසුගිය කොරෝනා රැලිවලට වඩා මෙවර කොරෝනා රැලිවල ආසාදිතයින්ගේ උගුරේ පවතින වෛරස් ඝණත්වය අධික බවද ඒ මහතා පවසනවා.

මුලදී වෛරසය ආසාදනය වූවකුගෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය බෝ උනානම්,මෙවර එම තත්වය පස් හය දෙනෙකු හෝ ඊට වඩා වැඩිවිය හැකි බවද පැවසේ.

මෙවර වෛරසයේ වෛරස් ඝණත්වය වැඩි බැවින් ආසාදිතයින්ගෙන් පිටවන වෛරසය වැඩි වේලාවක් අවට පරිසරයේ රැදී තිබෙන අතර සංවෘත ස්ථානයක සිටින අයට වෛරසය බෝවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී කියා සිටිනවා.

එනම් වායුසමනය කළ කාර්යාලයක,බස් රථයක ආදී ස්ථාන වල වැඩි වේලාවක් සිටිම අයවලුන්ට මෙය වැළදීමේ හැකියාව ඉහළ වේ.

මේ හේතුවෙන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බවත් එයින් තමන්ට 95% ක පමණ ආරක්ෂාවක් ලැබෙන අතර,නිවැරැදි ලෙස මාස්ක් පැළදීම ප්‍රමාණවත් බවත් මාස්ක් දෙක තුන පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවත් වෛද්‍ය ගුණසේන මහතා පවසනවා.

මේ වනවිට රෝහල් තුළ දැඩි සත්කාර ඒකක වල වැඩි රෝගීන් ප්‍රමාණයක් සිටින බවත්,මෙවර වැඩිහිටි මෙන්ම තරුණ රෝගීන්ගේ වැඩිවීමක් පවතින බවත් ඔහු පවසා සිටිනවා.එමෙන්ම රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහළ යාම නැවැත්විය නොහැකි බවද වෛද්‍ය ගුණසේන මහතා පවසනවා.

මේ අරත වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ යම්කිසි අයෙකුට පඩිපෙළක් නඟින විට වෙනදාට නොමැති හතියක් එනවානම් වහාම රෝහලට යන ලෙසය.එය කොවිඩ් ලක්ෂණයක් විය හැකි බවයි.

එමෙන්ම වචන දහයක් පහළවක් කතා කරන විට හතිය ඇතිවේනම් එයද කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි බවද ඔහු පවසා සිටිනවා.එමෙන්ම යම්කිසි අයෙකුට හුස්ම අල්ලා ගණන් කළහැකි සීමාව කොවිඩ් රෝගයෙන් පසු අවම වේ.ඒ පිළිබඳව පහත වීඩියෝවේ 12 වැනි මිනිත්තුවේ සිට.

උපුටාගැනිමකි


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments