නිවසක පිපිරීමකින් දෙදෙනෙක් තුවාල ලබයි




ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරින් එක් තරුණයෙකුගේ අතට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments