ලංකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වුණේ මෙහෙමයි




මෙරටින් ඊයේ (24) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන්වී තිබෙනවා.

ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු මෙරටින් වාර්තා වූ අතර ඉන් 218 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 150ක්.

කලුතර දිස්ත්‍රික්කයෙන් 147ක් / ගම්පහ දිස්ත්‍රික්කයෙන් 129ක් / පුත්තලම දිස්ත්‍රික්කයෙන් 49ක් / මාතලේ දිස්ත්‍රික්කයෙන් 22 ක් / යාපනය දිස්ත්‍රික්කයෙන් 20ක් ලෙස ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

හම්බන්තොට / මොණරාගල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් අසාදිතයින් 18 දෙනා බැගින් වාර්තා වී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 16ක්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් 11 ක් / කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 14ක් / ගාල්ල දිස්ත්‍රික්කයෙන් 10ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 7ක් / ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 9ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රීක්කවලින් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයා බැගින් පමණයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 15 දෙනෙක් විදේශයන්හී සිට පැමිණි අයයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments