මේ මොහොතේ සිට හුදෙකළා වන ප්‍රදේශ මෙන්න


1 share


තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ මොහොතේ සිට හුදෙකළා කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මෙලෙස හුදෙකළා කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාමනිලධාරී වසම් බවයි සඳහන් වන්නේ.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ කුරුණෑගල, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසමද මීට පෙර හුදෙකලා කෙරුණා.

මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් කුලියාපිටිය පොලිස් වසම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකළා කෙරුණා.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ද පැවැත්වුණා.

එසේම මේ වනවිට අවුරුදු සමයෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමට හේතුව නව ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති සියළු ඇඳන් මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රෝහල් බලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ එය රෝහල් කටයුතු සඳහා බාධාවක් නොවන අතර ඔක්සිජන් හෝ ඖෂධවලද කිසිදු හිගයක් නොමැති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමග සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අම්බුළුවාවේ විනෝද චාරිකාවක් ගිය දිවුලපිටිය – මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 42කටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි දිවුලපිටිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.

මේ අතර යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා පවසනවා.

දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇයගේ පුතුන් දෙදෙනාටත් කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇයගේ පුතුන් දෙදෙනා අධ්‍යාපනය ලැබූ හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ළමුන් 107 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
3
Sad
Angry Angry
0
Angry

Comments