කොළඹ ලොක්ඩවුන්?




ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයන් 367 දෙනා අතරින් වැඩිම පිරිස වාර්තා වි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම සංඛ්‍යාව 94කි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත.

වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, PCR පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු බවයි.

වෛද්‍ය රුවන් විජේමුණි මහතා මෙසේද කීය.

“ඊයේ (19) දිනයේ දී පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ සියයට 8 දක්වා හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මෙය පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක්.“

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 54 ක් ,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 43ක් , කලුතර දිස්ත්‍රික්කයෙන් 41 ක් , මහනුවර දිස්ත්‍රික්කයෙන් 22ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 21ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වී තිබිණ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 13 ක් ,බදුල්ල දිස්ත්‍රික්කයෙන් 11 ක් , යාපනය දිස්ත්‍රික්කයෙන් 08 ක් ,රත්නපුර දිස්ත්‍රික්කයෙන් 07 ක් , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 06 ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් 05 ක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත් වූහ.

අම්පාර සහ මාතර දිස්ත්‍රික්කවලින් 04 දෙනා බැගින් , ත්‍රිකුණාමලය සහ නුවර එළිය දිස්ත්‍රික්කයෙන් 03 දෙනා බැගින්,මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් 02 දෙනා බැගින් ඊයේ වාර්තා විය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
5
Sad
Angry Angry
3
Angry

Comments