පෑවිල්ල දරුණුයි.. ජල සැපයුම සීමා කරයි..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ජල මුලාශ සිදියාම නිසා හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දින දෙකකට වරක් පානිය ජලය සිමා කර ලබාදිමට සිදු වන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ පාරිභෝගිකයන් දැනුවත් කිරිමට (11) දින සිට පියවර ගෙන ඇත.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලයේ ජල ටැංකි වෙත ජලය ලබාගන්නා සිංගිමලේ ජලාශයේ සහ දික්ඔය ඔටරි ප්‍රදේශයෙන් ජලය ලබාගන්නා දික්ඔය ඇළෙහි ජල ධාරිතාව පහල බැසිම නිසා දින දෙකකට වරක් ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

පවත්නා තත්ත්වය මත අරපිරිමැස්මෙන් පානිය ජලය භාවිතා කරන ලෙස ජල පාරිභෝගිකයන්ගෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරින් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අධික වියළි කාලගුණයත් සමග ජල මුලාශ පිහිටි රක්ෂිත වලට ඇතැම් පිරිස් විසින් ගිනි තැබිම් හේතුවෙන් මේ වන විට ජල මුලාශ සිදිගොස් වතු ආශ්‍රිත ප්‍රදේශවල පානිය ජල ගැටළුවක් මතු වි ඇති අතර , කාසල්රි සහ මවුස්සාකැලේ යන ප්‍රධාන ජලාශවලද ජල ධාරිතාව 25% කින් පමණ පහල බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *