ඔටාවා සමූහ ඝාතනය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න..

අම්මාලා , තාත්තලා තමන්ගේ දරුවෝ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕන..

ඔවුන් කුඩා කාලේ ඉඳලාම ආගමික පරිසරයක් එක්ක බැඳුණු යහගුණදම්වලින් පිරුණු සමාජයක හැදුනා නම් සමහරවිට මෙහෙම කතා ඇහෙන්නේ නැති වෙන්නත් තිබුණා..

කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක්වූ ලාංකිකයින් හය දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසයේ සභාපති නාරද කොඩිතුවක්කු පවසනවා.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මියගිය අයගේ පවුලේ සමීපතම ඥාතීන් කිහිප දෙනෙකු පමණක් අවසන් කටයුතු සඳහා සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කැනඩාවේ ඔටාවාහී බාහෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව් දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරීමේ ඛේදජනක පුවත වාර්තාවුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයී.

සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඔහු මේවනවිට සුවය ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති 19 හැවිරිදි සිසුවාගේ මව්පියන් සහ ශ්‍රී ලංකාවේ ඥාතීන් සම්බන්ධ කර ගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසය පවසනවා.

මියගිය දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ඒ සඳහා සිය අවසරය ලබාදී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ධනුෂ්ක වික්‍රමසිංහගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ කැනඩාවට පැමිණීමට ද නියමිතයි.

ඝාතනය සිදුවූ නිවසේ සිටි ඝාතනයට ලක්වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ මුල් පදිංචිය බණ්ඩාරවෙල වන අතර විදෙස්ගතවීමට පෙර ඔහු පදිංචිව සිට ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේයී.

මේ අතර ඝාතනයට ලක් වූ පවුලේ අවසන් කටයුතු සඳහා GoFundMe නමින් අරමුදලක් පිහිටුවීමට කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය පියවර ගත්තා.

ඊට අමෙරිකානු ඩොලර් ලක්ෂයකට අධික මුදලක් එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඝාතනයට ලක් වූ හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහගේ මිතුරෙක් පළ කළේ මෙවැනි අදහසක්.

”අපි එයාලට ආදරෙයි. එයාලා ශ්‍රී ලංකාවේ ඉඳන් ආවේ. මියගිය අයට අපි ශෝකය
පළ කරනවා.

මේ අතර උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවට ගොස් සිටින ශ්‍රී ලාංකික දරුවන් එරට පිහිටි ආගමික මධ්‍යස්ථාන හෝ ශ්‍රී ලාංකික සංසද සමඟ සම්බන්ධ කරවීමට මෙරට සිටින ඔවුන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන් කටයුතු කළ යුතු බව ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද හිමි ඉල්ලීමක් කරනවා.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *