සරසවි සිසුවා තම උපන්දින සාදයට සුපිරි ගණිකාවන් ගෙන්වයි

මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුන් අතරින් මත්ද්‍රව්‍ය  සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනකු හා මුදලට  පැමිණි බවට සැක කරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් හය දෙනකු මෙම මස 14 වෙනිදින දක්වා රිමාන්ඩ් භාරයට  පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි  මහත්මිය නියෝග කළාය.

රිමාන්ඩ් භාරයට පත්වූවන් අතර සරසවි සිසුවෙකුද වේ.

මුදලට පැමිණි බව කියන කාන්තාවන්ගේ සමාජ රෝග වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනා ශරීර ඇප මත මුදා හැර තිබිණි.

හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා මත්පෙති තුනක් හා සුඛෝභෝගි මෝටර් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ සුඛෝභෝගි නිවාස සංකීර්ණයට තරුණ තරුණියන් රැසක් පැමිණ මධ්‍යම රාත්‍රියේදී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.

ඒ අනුව එම ස්ථානය වටලා පෞද්ගලික සරසවියක සිසු සිසුවියන් 17 ඇතුළු 27 කු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් සහ මුදලට පැමිණි බව කියන තරුණියන් හැරෙන්නට සෙසු තරුණ තරුණියන් 19 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබිණි.

Related Posts

සතුට ඉතිරෙන පුවතක්…අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහලට

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන්නේ…

Read more

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක් – සිදුවන්නේ මෙහෙමයි

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය…

Read more

පියා දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි.. දස වද දෙමින් වීඩියෝ කරයි..

24 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ…

Read more

රටටම සුබ ආරංචිය අද මං දෙනවා – විජේදාස

සැබෑ විය යුතු සුබ ආරංචිය අද තමන් විසින්…

Read more

ඇඟ කිලිපොළා ගිය අතුරුගිරිය සිද්ධියේ තවත් වංහුං එළියට..

වෙනකොට ඔහුගේ මතකය සියල්ලන් තුළින් මැකී ගියත්, තවමත්…

Read more

ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන, රටම නොදන්න ඇත්තම කතාව මෙන්න…

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *