ඔටාවා අපරාධය සිදු කළ සැකකරු ගැන හෙළිවන නවතම තොරතුරු

ලෝකයම කනගාටුවට පත් කළ පුවතක් වුණා.

කැනඩාවේ ඔටාවාහි ශ්‍රි ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සහ එම ඝාතකයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට හෙළිවී තිබෙනවා.

මීට වසර 2කට ඉහත දී කැනඩාවට පැමිණ ඇති සැකකරු ඉන් මසකට පසු සිය පවුලේ ඥාතින් සමඟ සියලු‍ සබඳතා අවහිර කර ඇති බවයි ඔහුගේ නැන්දනිය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

මේ අතර, කැනඩාවේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් ගැන ඔවුන්ගේ මෙරට සිටින මව්පියන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ටොරෙන්ටෝහි පිහිටි ශ්‍රී ලංකා කන්සියුලර් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කැනඩාවේ ඔටාවාහි බාහේවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව, දරුවන් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරිමේ මෙම ඛේදජනක පුවත වාර්තා වුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයි. ඝාතනයට ලක්වූ පිරිස අතර මාස 2ක් වයසැති බිළිඳියක්ද සිටියා.

අදාළ සිද්ධියේදී එම පවුලේ පියාද බරපතල තුවාල ලබා තිබූ අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කෙරුණා.

මේ අතර ඝාතනය සිදුකළ බව සැකක කෙරෙන තරුණයා සම්බන්ධයෙන් ද තොරතුරු රැසක්ම මේ වන විට හෙළි වි තිබෙනවා. ඒ 19 හැවිරිදි ෆෙබි්‍රයෝ ද සොයිසා නැමති සැකකරුගේ නැන්දනිය වන කැනඩාවේ ඔටාවාහි පදිංචිව සිටින අනුෂා ද සොයිසා කැනඩාවේ මාධ්‍ය වෙත කර ඇති විශේෂ අනාවරණයක් සමගයි.

කැනඩා මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක මදුරංග, ඝාතනය සිදුකළ ෆෙබි්‍රයෝ ද සොයිසාට අමතරව සිද්ධියෙන් මියගිය දෙදරු පියෙකු වන 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයටද සිය නිවසින් කුලී පදනම මත කාමර ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් ධනුෂ්ක මදුරංග ද ඔහුගේ නිවස ලබා ගෙන ඇත්තේ කුලී පදනම මත වන අතර එම නිවසේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමතරව වෙනත් පුද්ගලයින් සිටින බවට නිවෙස් හිමියාට කිසිදු නීත්‍යානුකූල සඳහනක් කර නැහැ.

තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සමීපතමයින් පිරිසක්ද අදාළ රෝහල වෙත ගොස් තිබෙනවා.

ධනුෂ්කගේ අතක මැඳ ඇගිල්ලක් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බවත් පපුව සහ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල සහ ඇස අසල දරුණු කැපුම් තුවාලයක්ද ඇති බව සුවදුක් විමසීම සඳහා ගිය එම හිතවතුන් ප්‍රකාශ කළා.

මවක්, ඇගේ දරුවන් සිව්දෙනා ඇතුළු 06 දෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලාංකික සිසුවා උසස් අධ්‍යාපනය හැදැරූ ඔටාවාහි පිහිටි අදාළ උසස් අධ්‍යාපන ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ෆෙබි්‍රයෝ ද සොයිසා 2023 ශීත සෘතු සමයේ තම ආයතනයට ඇතුළත් වී ඇති බවයි.

නමුත් සැප්තැම්බර් මාසයේ සිට ඔහු උසස් අධ්‍යාපන ආයතයනය වෙත පැමිණීම මඟහැර ඇති බවද එම උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ඒ අනුව එම ඝාතකයා අධ්‍යාපනය හැදැරූ ආයතනයේ හි ප්‍රධාන විධායක නිලධාරී ක්ලෝඩ් බෲලේ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඝාතනයට ලක්වූවන්ගේ පවුලේ අයට සිය ශෝකය පළ කර තිබෙනවා.

එමෙන්ම ඝාතකයා සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නම් තම ආයතනය සහය දැක්විමටද සූදානමින් සිටින බවයි එම උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

මේ අතර ෆෙබි්‍රයෝ ද සොයිසා නමැති ඝාතකයාගේ මව සහ පියාගේ පදිංචිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙළි වී නැහැ.

මෙම ඛේදවාචකය හේතුවෙන් ඔටාවාහි බාහේවන් ප්‍රදේශයේ ජනතාවද දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර ඔවුන් ඝාතනය සිදුවූ නිවස ඉදිරිපිටට පැමිණ සිය ශෝකය පළ කරමින් සිටිනවා.

එමෙන්ම ඝාතනය සිදුවූ නිවස අවට සිටින නිවැසියන්ට එල්ල වී ඇති කම්පනය අවම කිරීම සඳහා එරට සෞඛ්‍ය බලධාරීන් විසින් මනෝ උපදේශන වැඩසටහන්ද ආරම්භ කර කර ඇති බව සදහන්.

මේ අතර කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය විසින් විපතට පත් ධනුෂ්ක වික්‍රමසිංහගේ පවුලට ආධාර උපකාර කිරීම සඳහා ව්‍යාපෘතියක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ සඳහා මේවනවිට අමෙරිකානු ඩොලර් 40,000කට ආසන්න මුදලක් ලැබී ඇති බවයි එම කොංග්‍රසය පවසන්නේ.

එමෙන්ම ඝාතනයට ලක්වූ උපාධිධාරිනී දිලන්තිකා ඒකනායකගේ සහ ගාමිණී අමරකෝන්ගේ පවුලේ ළඟම ඥාතීන් කිහිපදෙනෙකු අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් එරටට ගෙන්වා ගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, පරීක්ෂණ නිමවීමෙන් පසු ඥාතීන්ගේ කැමැත්ත පරිදි මියගිය 6 දෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අතරම මෙම සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටින ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට ගිය ඔහුගේ මිතුරකු ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම කළ සැකකරු ගැන ධනුෂ්ක කියූ යමක් සම්බන්ධයෙන් ඔහු සංවේදී කළ බවටයි.

” ඒ කොල්ලා පොඩි එකෙක්..ඒ ගැනත් බලන්න” යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බවටයි.

Related Posts

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *