ඉන්ධන මිල යලි පහලට..

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

2024 මාර්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට හැකියාව ලැබුණා. ඒකක 30ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයන්ගේ විදුලි ඒකක මිල 33%කින් අඩු කෙරුණා. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයන්ගේ බිල්පත 28%කින් පහළ ගියා. ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයන්ගේ බිල්පත 30%කින් ද, ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත 24%කින් ද පහළ ගියා.

ඒ වගේම ඒකක 180ට වැඩි ගෘහස්ත කාණ්ඩය සඳහා 18%කින් ගාස්තු අඩු කෙරුණා. එහිදී ආගමික ස්ථානවලට 33%ක අඩු කිරීමක් සිදු වුණා. හෝටල් සහ කර්මාන්ත අංශවල බිල්පත 18%කින් අඩු කෙරුණා. එහිදී පොදු කාර්යය කාණ්ඩයට 23% අඩුවීමක් සහ රාජ්‍ය අංශය සඳහා 22% කින් ගාස්තු අඩු කෙරුණා. වීථි පහන් සඳහා 20%ක අඩු කිරිමක් ද සිදු කෙරුණා.

මීට සාපේක්ෂව ආපන ශාලාවල ආහාර මිල මෙන්ම භාණ්ඩ මිල ගණන් අඩුවුණා ද යන්න පිළිබඳව යම් ගැටලුවක් පවතිනවා. ඒ වගේම පොදු සේවාවන් ලෙස සැලකෙන කාණ්ඩයේදී ජනතාවට විශාල සහනයක් ලබාදිය යුතු බව පැවසිය යුතුයි. මෙම සහන ලබාදීමේ කාර්යය විදුලිබල මණ්ඩලයට හෝ අමාත්‍යාංශයට සිදුකල හැකි කරුණක් නොවන බව අපගේ අදහසයි.

ඒ වගේම පසුගිය කාලයේ ලැබුණු අධික වර්ෂාපතනය නිසා විදුලි ජනනය කිරීමේ ක්‍රියාවලියේ ගැටලු අවම කර ගැනීමට හැකියාව ලැබුණා. එම ප්‍රතිලාභය තුළින් 2022 වසරේ පැවති රුපියල් බිලියන 270කට අධික වූ අලාභයෙන් කොටසක් පියවා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් විදුලි බිල අඩු කිරීමට ප්‍රධානම සාධකය වන්නේ, පැවති ආර්ථික අස්ථාවරභාවයෙන් රට ක්‍රම ක්‍රමයෙන් ස්ථාවරත්වයට පැමිණ රුපියල ශක්තිමත් වීමේ වාසිය බව පැවසිය යුතුයි.

එමඟින් විදුලි ජනන වියදම අඩු කිරීමට විශාල ලෙස හැකියාව ලැබුණා. එමෙන්ම ද්විත්ව අගයක්ව පැවති පොලී අනුපාතිකය අඩුවීම ද විශාල වාසියක් වුණා.

එමෙන්ම ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන ඩොලර් මිලියන 100ක පළමු කොටසින් පාසල්, ආරක්ෂක කඳවුරු, විශ්වවිද්‍යාල, ආගමික සිද්ධස්ථාන ඇතුළු පොදු ස්ථානවල විදුලිය ලබා ගැනීම සඳහා සූර්ය පැනල ලබාදීමට අප කටයුතු කරනවා. තවදුරටත් විදුලිබිල අඩු කරගැනීමට නම් දැනට පවතින විදුලි බලාගාර වෙනුවට හෝ දැනට සිදු කෙරෙන අධික විදුලි මිලදී ගැනීම් වෙනුවට අඩු වියදමින් යුත් ක්‍රමවේදයන් සඳහා යොමු විය යුතුයි.

සියඹලාණ්ඩුව විදුලි ජනන ව්‍යාපෘතිය 2025 වසර අවසාන භාගයේදී ජාතික පද්ධතියට එකතු කිරීම අපගේ මීළඟ බලාපොරොත්තුවයි. එමඟින් මෙගාවොට් සියයක් රුපියල් 25 හෝ 26ක මුදලකට විදුලිබල මණ්ඩලයට ලබාගත හැකි වනවා. එවැනිම මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව මේ වන විට අප අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ සඳහා අයෝජකයන් විශාල ප්‍රමාණයක් අප සමඟ එක්ව සිටිනවා.

ඒ වගේම සුළං සහ සූර්යබල ව්‍යාපෘති 10ක් දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා විවෘත කර තිබෙනවා. ලබන සතියේ මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මෙගාවොට් 50ක සුළං බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවීමට අදාළ දැන්වීම පල කිරීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදුකොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වනවා.

තවද විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතුවලට අදාළ ගැසට් පත්‍රය පසුගිය දෙසැම්බර් මාසයේ දී පළ කරනු ලැබුවා. ඒ අනුව නව පනතේ අඩුපාඩු සහ වෙනස්කම් පිළිබඳව පාර්ශ්වකරුවන්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති පෙන්වා දී තිබුණා. ඊට අදාළ සංශෝධන 46ක් නීති කෙටුම්පත් කාර්යාලය හරහා නිෂ්කාශනයන් සඳහා නීති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නව පනතක් ලෙස සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

– Media unit

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *