ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වීමේ මහා මොළකරු චිත්‍රපට නිෂ්පාදකයෙක්

ඉන්දීය බුද්ධි අංශ විසින් ඉන්දියාවේ රාමේශ්වරන් සිට මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය සැපයීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

ඒ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 36ක් සමඟ සැකකරුවෙකු එරටදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.


ඉන්දීය ආදායම් බුද්ධි ඒකක නිළධාරීන් මෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත්තේ, චෙන්නායි සිට සීඝ්‍රගාමී දුම්රියකින් මදුරෙයි දක්වා පැමිණෙන පුද්ගලයෙකුගේ ගමන්මළු තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මතයි.

එහිදී ඔහු සතුව තිබී පැකට් 15ක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයා ගෙන තිබෙනවා.

ඒ , අනුව නිලධාරින් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 180ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 670කට ආසන්නයි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ රාමේෂ්වරන් හරහා මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ බවයි.

එමෙන්ම චෙන්නායිහි චිත්‍රපට නිෂ්පාදකවරයෙකුවන ජෆාර් සාදික්ද මෙම ජාවාරමට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු හෙළිව තිබූ අතර, ඔහු මේ වනවිට සැඟව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Related Posts

යළි සියලු පාසල් ආරම්භය සහ අ.පො.ස. (සා/පෙළ) විභාගය ගැන විශේෂ දැනුම්දීමක්…

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට…

Read more

ගෑස් මිල අඩු කිරීම ගැන රටටම සතුටුදායක ආරංචියක්

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට…

Read more

ප්‍රදේශ කිහිපයකට බදාදා වතුර නෑ

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල්…

Read more

තෙවරප්පෙරුම සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා…

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම…

Read more

ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා…

Read more
Piyumi Wijesekera

අඟහරු වෙත යන්න සැරසෙන පියුමි…

අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *