ඔහුගේ වියෝවෙන් පස්සේ මේ පුංචි පවුල ගැන ගොඩක් දෙනෙක් කතා කලා…
ඒ අතරින් මේ පුංචි පුතා ගැන ගොඩක් දෙනා කතා බහ කළේ ඔහු මවගේ කඳුළු පිසදමන ඒ විඩියෝව නිසායි..
මේ කියන්න යන්නේ ඒ දුක අතරින්ම මේ පුංචි පුතා අත්කරගත් ජයග්රහණයක් ගැන කතාවක්.. අක්කලා තුන්දෙනා වගේම අම්මාත් ගොඩක් සතුටු කරන්න මේ පුතාට පුළුවන් වෙලා..
ඒ ගජබා super cross kids යතුරු පැදි ධාවන තරඟයෙන් මේ පුංචි පුතා තුන්වෙනි ස්ථානය දිනාගැනීමත් එක්කයි.. තාත්තාගේ වියෝව තවමත් ඔවුන්ගේ හිත්වල දෝංකාර දෙනවා ඇති..
ඒ අතරතුර මේ පුංචි පුතා මෙන්න මේ වගේ ජයග්රහනයක් ලබා ගන්න ඔහුගේ හිත තාත්තාගේ තරම්ම හයිය ඇති.. මේ පුංචි වයසට ඔහු ඔප්පු කළේ අන්න ඒ කතාවයි..