දැනෙන ගණනකින් වැඩි වෙන්න යන ගෑස්

මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කර තිබේ.

පසුගිය අගෝස්තු මස 04 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිත ව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබීය.

ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982ක මිලකට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198කට හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561ක මිලකට අලෙවි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − six =