පාසල් පවත්වන වෙලාව දීර්ඝ කරයි..?

පාසල් කාල සීමාව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බවයි.

පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද හෙතෙම පැවසීය.

ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 5 =