රටේ තීරණාත්මක මොහොත අද උදා වෙනවා..

රටේ තිරණාත්මක මොහොත මෙ මස (28) දින උදා වන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමිර පෙරේරා මහතා පැවසිය.

ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමිර පෙරේරා මහතා ඒ බව කියා සිටියේ එම පෙරමුණේ නියෝජිත සම්මේලණය හැටන් නගරයේ පැවති අවස්ථාවේදිය.

මෙම සම්මේලණයේදි වැඩි දුරටත් අදහස් දැක්වු චමිර පෙරේරා මහතා කියා සිටියේ අවුරුදු 40 ක් තිස්සේ මේ රට පාලනය කළ දේශපාලකයින් ණය රුගෙන  එම මුදල් නොගෙවා සොරකම් කර. සහ කොමිස් මුදල් ගසා කා මේ රටේ ජනතාව ණය කරුවන් බවට පත් කර ඇති බවයි.

එම ණය මුදල් ගෙවිම සදහා මේ රටේ කම්කරු ජනතාවගේ සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදලින් සහ සේවක අර්ධ සාධක අරමුදලින් එම ණය මුදල් ගෙවිමට අණ පණත් පාර්ලිමේන්තුවට මේ මස (28) දින ගෙන ඒමට අණ්ඩු පක්ෂය කටයුතු කරමින් සිටින බවයි.

එයට එරෙහිව මේ රටේ වැඩ කරන කම්කරු ජනතාව (28) දින පාරට බැස එයට එරෙහිව උද්ඝොෂණය කරන බවද චමිර පෙරේරා මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + nineteen =