කළුතර දැරියක් පාසලේ බිත්ති දෙකකට හිරවෙයි! බේරගන්න මහ මෙහෙයුමක්!
විනාඩි 30ක් පමණ කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් හැවිරිදි දැරියක් බේරාගැනීමට කළුතර මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මේසේ බේරාගෙන ඇත්තේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වන කළුතර කටුකුරුන්ද කලමුල්ල ප්රදේශයේ පදිංචි දැරියක බව සදහන් වේ.
විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්, කළුතර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබා දී දැරිය බේරාගත් බව එහි ප්රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් මහතා පැවසීය.