ඊජිප්තුවේ නැවක බර්ත්ඩේ පාටියක් ගත්තේ මගේ අකමැත්තෙන්…

තමන් වහන්සේගේ උපන් දින සාදයක් ඊජිප්තුවේ නැවක උපන්දින සාදයක් පවත්වන ලද්දේ තමන්ගේ අකමැත්තෙන් බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ සඳහන් කරති.

තමන් ගිය චාරිකාවක් අතරතුර හිතවතුන් පිරිසක් තමන්ගේ අකමැත්තෙන් එම සාදය සංවිධානය කර තිබූ බවද උන්වහන්සේ පැවසූහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන් පාරේ හිඟාකන්නේ ආධාර එකතු කරන්නේ සිසුන් 500කට වැඩි පිරිසකට උගැන්වීම සඳහා බව ද එවන් වැඩක් කරන ලංකාවේ එකම පන්සල තම පන්සල බවත්ය.

සමන්ත්‍රභද්‍ර හිමියන් විසින් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතියක් බවත් එනම් 2030 වසරේදී බැසිල් රාජපක්ෂ ජනාධිපති කරවා තව උමන්දා දහයක් හදාගැනීමට සමන්තභද්‍ර හිමියන් සූදානමින් සිටින බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් චෝදනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − six =