‘මතුවෙන්න – පණදෙන්න’ – ජය ශ්‍රී ගෙන් තාරුණ්‍යයට ඇරයුම්
ජය ශ්‍රී ලා ගැන පහුගිය දවස් කීපය පුරා විවිධ කතාබහ මතුවෙන්න ගත්තා. ඒකට හේතු වුණේ ‘මතුවෙන්න – The Diamond Story’ නමින් ජය ශ්‍රී ලා එළිදක්වපු වීඩියෝවයි. අද වෙද්දී මේ ගීතය ජය ශ්‍රී වීඩියෝ නාලිකාවෙන් දැකගන්න පුළුවන්.
ලංකාවේ දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය වගේ විවිධ ප්‍රදේශ වල සැරිසරලා මේ ගීතයේ රූපගත කිරීම් කරලා තියෙනවා. ලංකාවේ ජීවත් වුණත් මෙතෙක් අපි නොදැකපු ලස්සන තැන් මේ ගීතයේ රූප රචනයෙන් දැකගන්නට හැකිවෙනවා. කාලෙන් කාලෙට ලංකාවට ඇවිත් වෙනස් විදියේ නිර්මාණ රසිකයින්ට දායාද කරන ජය ශ්‍රී ලගේ වෙනස්ම වැඩක් විදියට මේ ගීතය හඳුන්වන්නට හැකියි.
ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීතයේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්).
‘සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවිතේ – විඳගන්න
ජයගන්න’
ඒ විදියට තමයි ජය ශ්‍රී ලගේ ‘ඩයමන්ඩ්’ ගීතය ආරම්භ වෙන්නේ. ඒවගේම මේ ඩයමන්ඩ් සංකේතය ගීතය පුරාම දකින්න ලැබෙනවා. ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ දක්ෂතා සඟවා නොඉඳ ‘මතුවෙන්න’ කියන පණිවිඩය තමයි ජය ශ්‍රී ලා කියන්නේ. මේ ආරාධනා කරන්නේ තාරුණ්‍යයටයි. රුවිත දකින්නට, ජය පැන් බොන්නට වගේම හිතවත් වෙන්නටත් ජය ශ්‍රී ලා මේ ගීතයෙන් ආරාධනා කරනවා.