ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..
හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහිදී 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇති අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන බවද වාර්තා වෙයි.
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.