ඔපදාගෙන මතුවෙන හැටි ජය ශ්‍රී කියයි – රුවිතේ
පුද්ගලයෝ විදියට අපිට උපතින්ම පිහිටලා තිබෙන දක්ෂතා විවිධයි. ඒ දක්ෂතා ඔප මට්ටම් කරගෙන තමන් උපන් දේශය ඇතුළේ වගේම ජාත්‍යන්තරය තුළත් ඒවා පෙන්වන්න අවස්ථාවන් හොයාගෙන යන්න හැකිවෙන්නේ බොහොම අතලොස්සකට පමණයි. ජය ශ්‍රී අයියා මලෝ කියන්නෙත් ඒ වගේ අතලොස්සක් වුණු පිරිස අතර ඉන්න දෙන්නෙක්.
පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වල කසු කුසුවක් ගියා මේ දෙන්නා අලුත් බිස්නස් එකකට සෙට් වෙලා ඉන්නවද, නැත්නම් දියමන්ති බිස්නස් එකක් කරනවද, එ්හෙමත් නැත්නම්, අලුත් රෙස්ටොරන්ට් චේන් එකකට සෙට් වෙලා ඉන්නවද කියලා.
මේ වෙනස් විදියේ කතාබහ නිසාම ඒ ගැන පැහැදිලි කිරීමක් කරපු ජය ශ්‍රී ලා ඊයේ (24) එෆ් බී ලයිව් එකකින් කිව්වේ,
‘කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ’ කියලා.
මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන රෝහිත කියන්නේ ලංකාවේ දක්ෂතම ශිල්පීන් පිරිසක් එකතුවෙලා කරපු මේ අලුත් ගීතය එළඹෙන 28 වෙනිදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් නිකුත් කරන බවයි.
රුවිතේ ගැන රෝහිත කරන මේ ප්‍රකාශයෙන් සටහන නිමා කරන්නම්.
‘ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා.’