SPA වසා දැමේ
කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්තාන ලෙස පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 13ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කඩුවෙල පොලිසිය විසින්.
කඩුවෙල පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරින් එක්ව අද(09) දිනයේ කඩුවෙල ප්‍රදේශයේ තැන් කිහිපයක පවත්වාගෙන යමින් තිබූ එවැනි ස්ථාන වසා දමා නාම පුවරු සහ දැන්වීම් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.