හාමුදුරුවෝ සමාදාන වෙති.
පල්ලේගම සුමන හිමි සහ උන්වහන්සේ සමග සිටි කාන්තාවන් දෙදෙනෙකුට පහර දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලන් සිව් දෙනා, පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
පල්ලේගම සුමන හිමිගේ පැමිණිල්ලකට අනුව, අදාල තරුණයන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබුනේ නවගමුව පොලිසිය විසිනි.
කෙසේ වෙතත්, තමන්වහන්සේ විසින් සිදුකරන ලද පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව පල්ලේගම සුමන හිමියෝ පොලිසියට පවසා ඇති අතර, ඒ අනුව, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර තිබේ.