දුරකතන මිල අඩුවන හැටි මෙන්න…
ජංගම දුරකථන හා අමතර කොටස් වල මිල 20% කින් අඩු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ සභාපති සමිත සෙනරත් මහතා පැවසුවේ ඩොලරයේ මිල පහළ යාම සමග මෙසේ මිල අඩු කිරීමට තීරණය කළ බව ද බවයි.
මේ වන විට IPhone 14 Pro max වර්ගයේ දුරකතනයක් රුපියල් 375,000ක මුදලකට ලබාගත හැකිව ඇති බවත් එය පසුගිය කාලසීමාවේ රුපියල් ලක්ෂ 5 ඉක්මවූ මුදලට අලෙවි වූ බවත් හෙතෙම කියා සිටී.
එය 30-35% ප්‍රතිශතයකින් මිල පහල යාමක් බවත් පැවසූ ඔහු කුඩා ප්‍රමාණයේ දුරකථන විශාල ප්‍රතිශතයක් අඩු මිල පහළ ගිය ද එය නොදැනෙන බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.