මදි නොකියන්නම දෙයි.. ඉන්ධන කෝටාව ඩබල් කරයි.. මිල සංශෝධනයත් එයි..

ජුනි මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එන මාසෙදි සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය සමග මෙම කෝටාව ඉහළ දැමීම ද සිදු කිරීමට සැලසුම් කර ඇතැයි හෙතෙම කියා සිටියේය.

ඉන්ධන කෝටාව ඉහළ දමන ලෙස ජනාධිපතිවරයා ද දිගින් දිගටම දැනුම් දුන් බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =