කටුනායකදී නතාෂා අත්අඩංගුවට ගනී.. ජෙරම් පැන ගිය රටටම යන්න හදලා..
බුදු දහමට අපහාස කරමින් ප්‍රකාශ සිදු කල බවට චෝදනා එල්ල වන නතාශා එදිරිසූරිය නැමැත්තිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේල මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ වනවිට ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.
බුදු දහමට අපහාස කිරීමේ චෝදනා එල්ල වන දේවගැති ජෙරම් ප‍්‍රනාන්දුද මේ වන විට රටින් පලාගොස් සිංගප්පූරුවේ රැදී සිටී.