ඉන්ධන මිල සංශෝධනයක් සමග ඉන්ධන කෝටාව ඉහලට…
ජාතික ඉන්ධන බලපත්‍රයට දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉදිරියේදී ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඉදිරි ඉන්ධන මිල සංශෝධනය සමග මෙම කෝටාව ඉහළ දැමීමට තීරණය කරන ලද බවද හෙතෙම කියා සිටියි.
තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ඇමතිවරයා තව දුරටත් පැවසීය.