උදේ 9ට කරන්න තිබ්බ ඔපරේෂන් එක 1 වෙනකනුත් කරලා නැහැ

පසුගිය වකවානුව පුරාම අපට අහන්න ලැබුනේ ඒ තරම් සතුටුදායක කතා නම් නෙමෙයි. විශේෂයෙන් තරුන ජීවිත සහ දරුවන්ගේ ජීවිත අහිමි වීමේ කතා පුවත් රැසක් අපට අහන්න ලැබුනා.

රෝහල් ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා හේතුවෙන් මිනිස් ජීවිත අහිමි වුණු කතා පුවත් රැසක්ද අපිට අහන්න ලැබුනා.

මේ එවැනි කතා පුවතක්. කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ කාර්‍යමණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතාව නිසා ජීවිතය අහිමි වුනු පුංචි දුවෙක් ගැන පළ වුණු සටහනක් මේ වෙද්දි සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි….

“දරාගැනීමටම නොහැකි තැන සටහන් කරමි.
පද්දතියේ වරදද මිනිසුන්ගේ වරදද නොතේරේ

23/05/2023 එනම් ඊයේ දිනයේදී මාගේ සමීපතම සහෝදරියකගේ අවුරුදු 1යි මාස 4ක් වයසැති දියනිය කොළබ රිජ්වේ ආර්‍යා ලමා රෝහලේදී හදිසියේ මෙලොව හැර ගියේය.

හදවතේ සිදුරක සැත්කමක් සදහා අවුරුද්දක පමන පොරොත්තු ලේකනයක රැදී සිට 18/05/2023 ඇය සහ ඇගේ මව රෝහල් ගත වනුයේ දින දෙක තුනකින් ඇයගේ සැත්කම සාර්තකව කෙසේ හෝ කරගෙන නිවසට පැමිනීමේ අරමුනුනි.

මෙහිදී මම කෙසේ හෝ කියා පවසන්නේ මීට පෙර අවස්තා කීපයකදීම සැත් කම සදහා ඇඩ්මිට් වීමට දින ගන්න යැයි එම රෝහලෙන් පවසා හැදිසියේම එකවර ඇඩ්මිට් වීමට ගිය විට දින නොමැති වී නැවත හැරී ඒමට සිදුවීමයි.මෙම සිදුවීම කිහිප වරක්ම සිදු විය.

ඉතින් අවසානයේ කෙසේ හෝ ලමයාගේ සැත්කම 23/05/2023 දිනයට කිරීමට රෝහල දින ලබාදී තිබුනි එනම් ඊයේ දිනයේදීයි. ඊයේ දිනයේ උදේ 9ට සැත්කමට දරුවා රැගෙන යාමය වෙලාව දී තිබුනු අතර උදෑසන 5 සිට වතුර සහ කෑමද උදෑසන 6 සිට ලමයාට කිරි දීමද නතර කරන ලෙස උපදෙස් ලැබී තිබුනි. එම උපදෙස් අකුරටම ඉශ්ට කරන මගේ සහෝදරිය සැත්කම වෙනුවෙන් බලා හිඳ ඇත. මෙදින අපේ දරුවා සහ තවත් දෙදෙනෙක් සැත්කමට ගැනීමට හිද ඇති අතර එක් අයෙක්ට අවුරුදු 22 වන අතර අනික් දරුවාට අවුරුදු 12කි. මෙහි අවුරුදු 22ක තරුනයා ලමා රෝහලේ සැත්කමට ගත්තේ කෙසේදැයි මම ප්‍රශ්න නොකරමි.

කෙසේ නමුත් උදෑසන 9ට කිරීමට තිබූ සැත්කමට දහවල් 1 වන තෙක්ම මාගේ සහෝදරිය බලා සිට ඇත. උදෑසන 10 පමන වන විට වතුරවත් නැතිව ලමයා අපහසුවී සිට ඇති අතර මාගේ සොහොයුරිය නිතරම ඒ පිලිබදව අදාල කාරිය මන්ඩලය දැනුවත් කරමින් පවසා ඇත්තේ අද දින සැත්කමට ගන්නේ නැත්නම් දරුවා හට වතුර ටිකක්වත් දෙන්නම් කියාය. සාමාන්‍යෙන් මෙසේ සැත්කම් ප්‍රමාද වනවිට රෝගියාට ශරීර උශ්නත්වය හා විජලන තත්වය පාලනය කර පවත්වා ගැනීමට IV ප්‍රතිකාර දිය යුතුය, නමුත් මෙහිදී එසේ කිසිදු සැලකිල්ලක් කොට නැත. මෙසේ පෙරැත්ත කර ඇත්තේ දොස්තර වරුන්ට නොවටිනා ජීවිත ලමයාගේ අම්මාට මහමෙරක් තරම් වටිනා නිසාය. කෙසේ නමුත් එම සෑම අවස්තාවකදිම කිසිදු තැකීමක් නොකරපු කාර්‍ය මන්ඩලය අම්මේ නලවගන්න ලමයව නලවගන්න කියනවා හැරෙන්න දුන්නු අවදානයක් නම් නොමැත.

නමුත් 1 පමන වන විට ලමයාගෙ ඇගේ පන නැති වී දරුවා විජලනය වූ අතර එවිට කර හැකිත් කිසිවක් නොවූ තරමටම හාමතේ දරුවා දුර්වල වී තිබුනි. මේ ඔව්න් තැකීමක් නොකල අවුරුදු එකහමාරක කිරි සප්පයාහට කිරි උගුරක් බීමටවත් ඒ වන විට පන කදක් නොතිබූනි මේ අතර ඇයගේ සැත්කමද කල නොහැකි බව පැවසීය. කෙසේ වෙතත් දොස්තර වරුන්ගේ ඇස් ඇරෙන විට දවල් 2 පමන වී තිබූ අතර එවිට කල හැකිත් කිසිවක් නොවීය.

ඉතින් මේ සැත්කම් ලේකනයේ බැලූ බැල්මට අවුරුදු 1යි මාස 4ක් වන ලමයා සදහා වැඩි උපයෝගී තාවක් දිය යුතුයැයි දොස්තර වරුන්ට පමනක් නොව ඕනෑම කෙනෙක්ට පෙනෙන කරුනකි. ඒ ලමයාගෙ ශරීර ශක්තිය හා වයස සැලකීමෙනි. තවද මේ ලෝකයේ ඕනම මෝඩයෙක්ට අවෘදු 1 යි මාස 4ක ලමයාට බඩගින්නේ හා පිපාසයේ සිටීමට ඇති හැකියාවට වඩා අවුරුදු 12 හේ ලමයාට හා අවුරුදු 22ක තරුනයාට බඩගින්නේ හා පිපාසයෙන් සිටීමට ඇති හැකියාව වැඩි බව අමුතුවෙන් ඉගනගත යුතු මහා ඉසිවර නුවනක් අවශ්‍ය නොවන කරුනක්ය.

ඉතින් කෙසේ වෙතත් 5ට පමන දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන අපගේ දරුවා 6 පමන වන විට මෙලොව සදහටම හැර ගියේ ඇයගේ හුරතල් මතකයන් පමනක් අප අතර ඉතුරු කරමිනි. තවද දෙවිවරුන් යැයි සලකන වෙදදුරන්ගේ ව්‍යාපාර මානසිකත්වය පිලිබදව අප තුල අපුලක් ඇති කරමිනි. අවසානයේ කීමට ඇත්තේ දේවල් කීපයකි. මේ ලංකාව කියා හිත හදාගැනීමටද ශක්තියක් නොමැත.

ඔබේ දරුවාට මෙවැනි අසනීපයක් උවහොත් දරුවා සනීප කරගැනීමට මේ රටේ රජයේ ඉස්පිරිතාල දොස්තර ලාට දරුවාගේ අම්මා තාත්තා එනම් ඔබ සල්ලිකාරයන් හෝ තමන්ගේ හිතවතුන් හෝ හිතවතුන්ගේ හිතවතුන් විය යුතුමය. එසේ නොව්නහොත වනුයේ ඔව්නට වෙලාවක් ඇති වෙලාවට ඔව්න් නිදහසේ සිටීනම් පමනක් ඔබට අවස්තාවක් ලබා දීමයි.එසේ හිමිවන අවස්තාවේදීත් ඔව්නට කම්මැලි සිතුනොත් ඔබගේ දරුවාටද සිදුවනුයේ අපේ දරුවාට අත් උන ඉරනමම පමනකි.

අවසාන වශයෙන් පාලකයාගෙ සිට සෑම පද්දතියකම කාලකන්නින් සිටින සමාජයක සිදුවන කේදනීය සිදුවීම් බලාගෙන කරබාගෙන සිටීමට සිදුවීම පිලිබද දැඩි කනස්සල්ලෙන් පසුවෙමි.
මෙවන් අපරාද සිදු නොවන පද්දතියක් පතමි
ඉතින් දුවේ ඔයාට නිවන් සුව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 3 =