අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පත්කෙරේ..
පසුගිය 14 වන දින වසන්ත මුදලිගේගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩුවූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ධූරය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් පත්කර ඇත.
මේ වන විට 28 හැවිරිදිමධුෂාන් 2015 වර්ෂයේදී උසස් පෙළවිභාගයට පෙනී සිටවිශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත්වූ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එසේම කොමියුනිස්ට්වාදී මතධාරියෙක් වන ඔහු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයක තනතුරක් නොදැරූ අයෙකුලෙස අන්තරේ කැඳවුම්කරු ධූරයට පත් දෙවන පුද්ගලයාද වන්නේය.
මධුෂාන් සිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට පරුෂ වචනයෙන් බැණවැදීමක් සම්බන්ධව චෝදනා ලබාමේ වන විට වසර දෙකක පංති තහනමකට ලක්වඇත. මේ සම්බන්ධව ඔහුගේ පියා විසින්උපකුලපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්කර තිබූ අතර එම අභියාචනය වෙනුවෙන් උපකුලපතිවරයා පසුගිය 19 වන දින ඔහුව කැඳවා තිබුණද මධුෂාන් එයට සහභාගී නොවී කොළඹට පැමිණ තිබිණි.
හදිසියේ පුරප්පාඩු වූ අන්තරේ කැඳවුම්කරු ධූරය සඳහාවිශ්ව විද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් හරහායෝජනා කිහිපයක් පැමිණියද ඒවා වලක්වාලමින් මධුෂාන් චන්ද්‍රජිත් කැඳවුම්කරු ලෙස පත්කිරීම උදෙසා පිටිය සකසමින් සිටි බව අප මීට පෙරද වාර්තා කලෙමු.
ඒ අනුව පේරාදෙණිය, රුහුණ ඇතුලු විශ්ව විද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී කර නොගත් අතර එසේ සහභාගී කර නොගැනීමට විරෝධය පලකරමි ර්‍සෙන්දර්ය විශ්ව විද්‍යාලයීය මහාශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් කිහිපයක් නිළවරණය වර්ජනය කල බවද වාර්තා වේ.
මේ අනුව මධුෂාන් සඳහා එකඟතාව පල කල මහා ශිෂ්‍ය සංගම් වන්නේ අග්නිදිග, නැගෙනහිර, කැළණිය, රජරට, විවෘත යන විශ්වවිද්‍යාලවල මහාශිෂ්‍ය සංගම් පමණි. මීට අමතරව පෙරටුගාමී පක්ෂයට හිතවත් පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් ඔහුට පක්ෂව අදහස් පලකර ඇත.
වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්‍රිගු, කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කොබෙයිතුඩුවේ සමිතහිමි ශිෂ්‍ය නායකයින් අන්තරයෙන් ඉවත් කිරීමට මීට පෙර සැසිවාරයේදී තීරණය වී තිබූ අතර මධුෂාන්ට තේරී පත්වීම පහසු කරවීමට එය ද හේතුවක්විය.
නිළවරණය සඳහා ප්‍රධාන විශ්ව විද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් කිහිපයක්ම සම්බන්ධ කර නොගැනීමට තීරණය කරඇත්තේ එම මහා ශිෂ්‍යසංගම් තුල ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් සිටින නිසායැයි පැවසේ. මෙලෙස ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් නිළවරණයයෙන් ඉවත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ හිතවත් ශිෂ්‍ය කණ්ඩායම් එක්ව කටයුතුකර ඇති බවද වාර්තා වේ. එමෙන්ම පේරාදෙණිය මහාශිෂ්‍ය සංගමය ඉවත් කිරීමට තවත් හේතුවක්ව ඇත්තේ මධුෂාන් පේරාදෙණිය මහාශිෂ්‍ය සංගමයේහෝ නායකයකු නොවීමත්, එම නිසා පේරාදෙණියෙන්ම පැමිණිය හැකි විරෝධය වැලැක්වීමටත් බවද කියැවේ.
තවද අනෙකුත් ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී වීමවැළක්වීම සඳහා අන්තරේ සැසිවාරය පෙර දැන්වූපරිදි කැළණිය විශ්වවිද්‍යාලයේ නොපවත්වා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට තීරණය කරතිබූ අතර එය අදාල පාර්ශව වෙත දන්වා තිබුනේ 20 දින, එනම් නිළවරණය පැවැත්වෙන දිනයේ අලුයමදීය.
අග්‍නිදිග විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විසින් සිසුන්වෙත යොමුකරන ලද පණිවිඩයකින් මධුෂාන් කැඳවුම්කරු කිරීමේ සැලැස්ම තවදුරටත්තහවුරු වේ. එම පණිවිඩය අනුව 20 දින උදෑසන 11ට පමණ සිසුනට දන්වා තිබුනේ අග්නිදිග මහාශිෂ්‍ය සංගමයේ තීරණය ලෙස මධුෂාන් කැඳවුම්කරු තනතුර සඳහා සුදුසු බව අන්තරයට දැනුම් දුන් බවයි. එහෙත් ස්ථානය වෙනස් කිරීම නිසා ප්‍රමාද වූ අන්තරේ සැසිවාරය 20 දින සවස් වන තුරු ආරම්භ වී පවා නොතිබුනි. අන්තරෙන් පසුව සිසුන් වෙත යැවීමට සූදානම් කරතිබූ පණිවිඩයක් අන්තරයට පෙර වැරදීමකින් එසේ පිටවී තිබුණි.
අන්තරේ නිළවරණය සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල සම්බන්ධකර නොගත්තේ මන්ද යන්න සහ අන්තරේප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඉවත්කර නිළවරණය කැඳවූයේ මන්ද යන්න පිළිබඳව කිසිඳු නිල ප්‍රකාශයක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙතෙක් මාද්‍ය වෙත ලබා දී නොමැත.
– Repoter