සිංගප්පූරුවේ තට්ටු නිවාසයෙන් බිමට වැටී මියගිය නදිකාගේ අවසන් හඬ පටය එළියට

සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලංකික කාන්තාවක මහල් නිවසකින් පැන ජිවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.

නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති විවාහක කාන්තාවක මෙලෙස මියගොස් තිබෙනවා.

41 හැවිරිදි ඇය දංකොටුව මොටෑමුල්ල ප්‍රදේශයේ සිට සිංගප්පූරු ගෘහ සේවයට ගොස් තිබුණා.

ඇය සේවය කළ නිවාස ඒකකයේ හිමිකරුගෙන් කරදර පැවති බවට මේවනවිට තොරතුරු හෙළිවෙමින් පවතින අතර ඒ ගැන ඇය අවශ්‍ය අංශ වලට දන්වා තිබුණත් ඊට ප්‍රතිචාර ලැබී නැති බවට කරුණු හෙලිවෙමින් පවතිනවා.

නදීකා සිය දිවිනසාගැනීමක් ලෙස ඉහළ මාලයක සිට ගොඩනැගිල්ලෙන් පනින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මාධ්‍ය වෙත ලැබී තිබුණා.

කිසිඳු සරණක් නොමැති තැන නදීකා සිය යෙහෙළියට හඬපටයක්ද යොමු කරන්නේ තමාට එල්ල වන පීඩනය තවදුරටත් වැඩි වී ඇති බව පවසමින්.

“කුමා මගෙන් සද්දයක් නැති වුණොත් ඒජන්සියට කෝල් එකක් දීලා ඔයා බලන්න පොඩ්ඩක් ඈ. මං අද කරන වැඩ ඔක්කොම අවුල්. මට මිනිහා මොනවා කරයි ද දන්නෑ. චුට්ටක් ඔයා කතා කරලා බලන්න. කියන්න. මගෙන් සද්දයක් නැතුව ගියොත් එහෙම මාව පොලීසියට ගිහින් දායි ද දන්නෑ. මං ඔක්කොම අවුලෙන් වැඩ කරන්නේ අද. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − fifteen =