වසන්ත මුදලිගේ ඉල්ලා අස්වේ.. තවත් රැසක් ඉවතට..
පසුගිය මැයි 14 දින අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සැසිවාරයේදී වසන්ත මුදලිගේ ඉල්ලා අස්වීමත් සමගඑළඹෙන 20දා පැවැත්වීමට නියමිතව ඇත.
එහි නවතම තොරතුරුඅනුව වාර්තා වන්නේ පේරාදෙණිය, සබරගමුව, රුහුණ මහාශිෂ්‍ය සංගම් පමණක් නොව කඹුරුපිටිය කෘෂි පීඨශිෂ්‍ය සංගමයටද මෙම නිළවරණයට සහභාගී වීම තහනම් කර ඇති බවයි.
වසන්ත මුදලිගේ අත්අඩංගුවට පත්ව සිටි සමයේ වැඩබලන කැඳවුම්කරු ධූරය හෙබවූ ටෙරන්ස් රොඩ්‍රිගු සහ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි අන්තරයෙන් ඉවත් කිරීමටද පසුගිය 14 වනදා පැවති සැසිවාරයේදී තීරණය කරඇත.
එසේම මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පසුගිය 17 වනදින සවස රැස්වඇති අතර එහිදීනව කැඳවුම්කරු ධූරය සඳහා මොහොමඩ් රිෆාත් (බයිරා) යෝජනාවී ඇත. එහෙත් ඔහු සඳහන් කර ඇත්‍තේ අන්තරේ කැඳවුම්කරු වීම සඳහා හැකියාව පමණක් තිබුණාට මදි බවත්, යටින් සහයක් අවශ්‍ය බවත්ය.
එම නිසා එම යෝජනාවඵල රහිත වනු ඇති බව ඔහුගෙන්ප්‍රකාශ වූ අතර එවැනි සහයක් ලැබෙනු ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් නොහොත් භීමාට බව ප්‍රකාශ කර ඇත.
ශිෂ්‍ය සංගම් සැසිවාරය අවසානයේ හිතවතුන් සමග ඔහු පවසා තිබුණේ මධුෂාන් යනු පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ නායකයකු නොවීම නිසා පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයෙන් සිදුවිය හැකි බලපෑම වලකාලීමට ඔවුන්ව නිළවරණයට සම්බන්ධ කර නොගන්නා බවයි.
මෙම තත්වය සමඟ නව කැඳවුම්කරු සඳහා යෝජනා විය හැකිව සිටින ජනිත් ජනජය නියෝජනය කරන කැළණියමහා ශිෂ්‍ය සංගමය මෙතෙක් රැස්වී නොමැති අතර ඒ සඳහා දිනයක් මෙතෙක් යොදා ගෙන නොමැත.
කෙසේ නමුත් වැඩබලන කැඳවුම්කරු ධූරයේ සිටි ටෙරන්ස්ගේ සිට එකිනෙකා වලක්වාලමින් මධුෂාන් චන්ද්‍රජිත්නව කැඳවුම්කරු තනතුරටගෙන ඒම සඳහා පිටිය සැකසෙමින් පවතින බව සිදුවන සිදුවීම් හරහා පැහැදිලි වෙමින් ඇත.
කෙසේනමුත් වසන්ත මුදලිගේ හදිසියේ මෙම තනතුරින්ඉල්ලා අස්වන්නේ මන්දැයි මෙතෙක් පැහැදිලි නැත.