මුළු ගමම හඬවා යළි නොඑන ගමන් ගිය පිය පුතු දෙපළ…
පසුගිය දිනවල හැමෝම කතාබහ කළ පුවත් අතර මහනුවර බූවැලිකඩ ප්‍රධාන මාර්ගයේ කහඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක් ජීප් රථයක ගැටී මරණයට පත් වුණු පුවත ප්‍ර්ධාන තැනක් ගත්තා. විශේෂත්වය වූයේ මේ ජීප් රථය ධාවනය කර ඇත්තේ හිටපු පලාත් සභා මන්ත්‍රී හා ආසන සංවිධායකවරයෙක් වීමයි.
මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පලාත් සභා මන්ත්‍රී හා ආසන සංවිධායකවරයා විසින් පදවන ලද ජීප් රථයක මොවුන් ගැටී ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේදීයි.
මෙසේ අනතුරට ලක්වුණේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රොද්‍රිගෝ (42) සහ විමන්ත රොද්‍රිගෝ (11). අපරික්ෂාකාරී රියදුරෙක් නිසා මෙසේ අකාලයේ පර වුණු මල්කැකුල මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත බව වාර්ථා වෙනවා..
මෙසේ එකට නික්ම ගිය පිය පුතු දෙපලගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුනා. සියල්ලන්ගේම සෝසුසුම් මැද ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරී තිබෙනවා.