ප්‍රබල භූ කම්පනයක්
දකුණු පැසිෆික් සාගරයේ සිදුවූ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ඇමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් කලාපීය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අමෙරිකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර ඇති වූ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 (සැතපුම් 621) ක් ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.
භූමිකම්පාව මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 38 (සැතපුම් 23) ගැඹුරකින් සිදු වූ බවයි ඇමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
මෙම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැත.