අපරික්ෂාකාරී මෝටර් රථ රියදුරෙක් නිසා ජීවිතය අහිමි වුණු මේජර්වරිය…

මේ දිනවල වැඩි වශයෙන් මාර්ග අනතුරු සිදුවන අතර එම නිසා අහිමි වන ජීවිත ප්‍රමානයද ඉහළ ගොස් ඇති බව දත්ත අනුව පෙනී යනවා. මේ එවැනි රිය අනතුරක් හේතුවෙන් අහිමි වුණු බොහෝ දෙනා ආදරය කළ ජීවිතයක් ගැන කතාවක්.

යතුරුපැදියක පිටුපස නැග තම සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටි යුධ හමුදා කාන්තා බලකායේ මේජර්වරියක් කැළණිය බුලුගහ හංදිය ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව ජීවිතය අහිමි වී තිබෙනවා. සදුන්පුර 3වන කාන්තා බලකායේ හිටපු 2 I/C මැඩම් ලෙසින් ඇයව හඳුන්වන බව වාර්ථා වෙනවා.

මාර්ගයේ හරවමින් තිබූ ලොරි රථයක් හේතුවෙන් ඇය ගමන් ගත් යතුරුපැදිය නවතා තිබියදී පිටුපසින් රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක් ගැටීමත් සමග ඇය මාර්ගයට විසිවී ඉදිරියෙන් හරවමින් තිබූ ලොරි රථයට යටවීමෙන් පසුගියදා (17) සිදුවූ අනතුරකින් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

ඇය කොළඹ විරු කැකුළු පෙර පාසලේද සේවය කළ කාගෙත් හිත දිනාගත් තැනත්තියක් බව සමාජජාලාවල සටහන් කර තිබුනා.

පහත දැක්වෙන්නේ ඇගේ සේයාරූ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + thirteen =