ඉරුණු නිල ඇදුමක් ඇදගෙන ආ තම මිතුරාට පන්තියේ යාළුවෝ කල විහිළු ඉවසගන්න බැරුව යාළුවාට ඇදුම්,සපත්තු අලුතෙන්ම දෙයි

ඉරුණු නිල ඇඳුමක් ඇඳගෙන ආ තෙවන වසරේ පාසල් සිසුවකුට එම පන්තියේම සිසුන් කළ උසුළු විසළු නොඉවසූ එහි තවත් සිසුවකු තවත් දරුවෙක් එම දරුවාට අලුත් ඇඳුමක් ලබාදීමට කාරුණි වූ පුවතක් වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වෙයි.

එහි තුන්වැනි වසරේම ඩබ්ලිව්.ආර්,ඒ. සනුල හන්සන් විජේසුන්දර නමැති සිසුවා මෙම සත් ක්‍රියාව සිදුකර ඇති බව ලුම්බිණි ප්‍රාථමික විදුහල්පති දෙල්විට මෙත්තාලංකාර නා හිමියෝ පැවසූහ.

සිසුවාට උසුළු විසුළු කරනු දුටු සනුල හන්සන් ඒ බව තම මව්පියන්ට පවසා ඔවුන්ගේ ද සහාය ඇතිව මෙසේ අලුත් ඇඳුමක් ලබා දීමට කටයුතු කර ඇත.

තම පන්තියේ ඉරුණු ඇඳම් ඇඳගෙන ආ මිතුරාට අනිත් සිසුන් විහිලු, තහලු, හා කෝචොක් කරන සිද්ධිය දුටු සනුල හන්සන් මව්පියන්ට පවසා තිබේ,

පසුව මවුපියන් සමඟ වැලිකන්ද නගරයට ගිය සනුල තම මිතුරාට ඇඳුම් සපත්තු ලබාදෙන බව මවුපියන්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මසා නිම කළ එම ඇඳුම් කට්ටලය රැගෙන, මව්පියන් සමග මොනරතැන්න ගම්මානයේ යාළුවාගේ නිවසටම ගොස් එවා ලබා ඇති බවද මෙත්තාලංකාර නාහිමියෝ සඳහන් කළහ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + thirteen =