චන්න පෙරේරා පළමු වරට පෙම්වතිය ගැන කතා කරයි… – Video

එදා මෙදා තුර පුංචි තිරයේ සුන්දරතම රංගන ශිල්පියා
විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත ඔහුව
ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

එදා තරමින්ම අද ඔහුට ආදරය කරන පිරිස් බොහෝමයි. ව්‍යසට යන්නේ නැතිව තරුණ්‍යය එලෙසටම රැක ගෙන සිටින රංගන ශිල්පීන්ගෙන් චන්න සිටින්නේ ඉදිරියෙන්.

පසුගිය සතියේ හිරු නාළිකාවෙ විකාශය වුණු happy hour වැඩසටහනට සහභාගි වූයේ චන්න පෙරේරේ සහ අසංකි ද සිල්වා.

එහිදී වැඩසටහන මෙහෙයවන යුරේනි නොෂිකා චන්න පෙරේරාගෙන් ආදරේ ගැන සහ තමන් ආදරවන්තයෙක්දැයි ඇසූ පැනයට චන්න පිළිතුරු දුන්නේ මෙන්න මෙහෙමයි.

“අපි ආදරේ හොයාගෙන යනවානේ… එහෙම හොයාගෙන හොයාගෙන යද්දි මම අද තැනක නතර වෙලා ඉන්නවා. මට ගෑණු ළමයි ගොඩක් ඉඳලා තියෙනවා.ේත් කවදාවත් අත්හරින්න ආදරේ කරලා නැහැ. දිගටම ආදරේ කරන්න හිතාගෙන නතර වෙනව. හිටපු ගමන් ඒ තීරණ වෙනස් වෙලා යනවා. දැනට මම හිතනවා මම ඒ ආදරේ දිගටම තියාගන්නවා කියලා. ලව් කරනවා කියන්නේ ඒකනේ. හදවතින්ම කරන්න ඕනේනේ. නැත්තන් ඒකට ලව් කියන්න බැහැනේ. ඒ නිසා මම ඒ මොහොතේ ඒ වෙලාවේ ආදරේ කරන්න උත්සාහා කරනවා මට පුළුවන් උපරිම විදිහට. මම උපරිමයෙන් ආදරේ විඳිනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + five =