ආදර්ශා කරඳන ගෙදර හිටපු මෙහෙකාරියකට ………. කරන්න චීවරධාරියෙක්ට අනුබල දීලා…

සිය නිවසේ මෙහෙකාරියට හිමිනමක විසින් ලිංගික අතවර කිරීමේ සිදුවීමකට ආධාර අනුබල දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා රු. ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයෙ (16) නියෝග කළාය.

බකමූණ පදිංචි අයිරාංගනී පුෂ්පකුමාරි මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වේ.

ඇය කොළඹ 8 පැල්පොල විපස්සි මාවත වගීෂා ආදර්ශාගේ නිවෙසේ මෙහෙකාරියක ලෙස සේවය කළ බවත් එම නිවසේ කාමරයක ලැගුම් ගෙන සිටින වැලිපිටියේ චන්ද්‍රසිරි නම් චීවරධාරියා දිනක් තමන්ට කතා කර සම්බාහනය කිරීම සඳහා උපදෙස් දුන් බවත් පැමිණිල්ලේ සඳහන්ය.

එය සිදු කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී හිමිනම සිය ලිංගේන්ද්‍රිය පෙන්වා සිටි බවට පැමිණිලිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බොරැල්ල පොලිසිය සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටී. මෙම සිදුවීම සඳහා ආධාර අනුබල දුන් බව කියන නිවසේ හිමිකාරිය වන ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව කියන වගීෂා ආදර්ශාද මෙම සිද්ධියේ සැකකාරියක ලෙස නම් කර තිබුණි.

ඒ අනුව ඇය ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර වැලිපිටියේ චන්දසිරි හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + thirteen =