ජෙරම් ප්‍රනාන්දුගෙන් රටටම පණිවුඩයක්..
ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් තබයි.
ඔහු සඳහන් කරන්නේ තමන් මේ වන විට රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටින බවත් එය සියලු දෙනා දන්නා බවත් ය.
ඉරිදා දිනයේ තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් පවසන ඔහු ඉරිදා දිනයේ පවුල සමගින්ම ඩෝම් ශාලාවට පැමිණ සිටින ලෙස ද ඉල්ලා සිටී.
අන්‍ය ආගම් වලට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට ඔහු සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
ඊට අදාලව ඔහුට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණද ඔහු ඊට පෙර විදෙස්ගත වී ඇත.