රූපලාවන්‍ය ශිල්පිනී තිරාණි පීරිස්ගේ දියණියගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරයා දුන්නු තීන්දුව මෙන්න…

පසුගිය දිනවලදී හැමෝගේම අවදානයට ලක්වුණු කතා පුවත් අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස්ගේ ආදරණීය දියණිය තමාෂා පීරිස් විදෙස්ගතව සිටිය දී හදිසියේ අභාවප්‍රාප්ත වුණු පුවත් විශේෂයි.

මැලේසියාවේදී මියගිය 19 හැවිරිදි තමාෂා පීරිස්ගේ අධිකරන වෛද්‍ය පරීක්ෂණය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේදී ඊයේ 15 සිදු කර තිබුනා. එහිදී මරණය ගැන විවෘත තීන්දුවක් ලබා දී තිබුණු අතර මෘත දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයද මැලේසියාවේදී සිදුකර අතැයි තොරතුරු වාර්ථා වෙනවා.

මෘතදේහය ගැන පශ්චාත් මරන පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයා පැවසුවේ කිසිදු බාහිර තුවාලයක් හෝ සීරීමක් මෘතදේහයේ දකින්නට නොලැබුනු බවයි.

තමාෂාගේ මෘත දේහය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසුව කටුනායක පොලීසිය භාරගෙන පසුව එය රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

2003 අගෝස්තු 31 වැනිදා උපන් තමාෂා මියයන විට 19 වැනි වියේ පසු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − seven =