වේරහැර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පසුගිය දා සිදුවු බිහිසුණු අනතුරක් CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබිණි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවා ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් අදාළ ශාලාවේ අසුන් ගෙන සිටිය දී එක්වරම මෝටර් රථයක් ඔවුන් සිටි ශාලාවට කඩා වදින අයුරු එම දර්ශනවල සටහන්ව ඇත.
රියදුරු පුහුණු ආයතනයකට අයත් අදාළ මෝටර් රථය එදින රියදුරු පුහුණු පරීක්ෂණය සඳහා පැමිණි අයෙකු විසින් පදවා ඇතැයි පසුව අනාවරණය වුණි.
අදාළ පුද්ගලයා සමග පුහුණුකරුද මෝටර් රථය තුළ සිට ඇතැයි පැවසේ.
කෙසේවෙතත් සිදුවීමකට ගිය මහා විනාශය වැළකී එම ශාලාවේ අසුන් ගෙන සිටි පිරිසගේ ජීවිත අනූනවයෙන් බේරී යන්නේ, සියලුදෙනාගේම හිත් තුළ දැඩි කම්පනයක් ඇති කරමිනි.