ජැක්සන් ඇන්තනීගේ නවතම තත්ත්වය ගැන කුමාරි මුණසිංහ කියයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ජැක්සන් ඇන්තනී මහත්මයා පිළිබඳව කුමාරි මුණසිංහ මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා,

“ජැක්සන් සුව වෙමින් ඉන්නවා. අපි එයාව බලන්න හැමදාම යනවා. සමහර දවස්වලට හරි හිත සතුටෙන් ගෙදර එනවා. මොකද අමුතු අමුතු පුංචි පුංචි වෙනස්කම් එයාගෙන් දකින්න ලැබෙනවා. හැමදාම එයා එක වගේ නැහැ. සමහර දවස්වලට මුළු දවසම වගේ නිදාගන්න දවස් තියෙනවා. මම හිතන්නේ එයාට නින්ද අවශ්‍ය නිසා වෙන්න ඇති නිදාගන්නේ. එයා ටික ටික සුව වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 7 =